අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

princeton-97827_1280

උතුරුමැද පළාතේ අනුරාධපුර මනරම් පූජා භූමියේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

දැක්ම

san-jose-92464_1280

නව ලොව ජයගතහැකි දරු දැරියන් පිරි පාසලක් බිහි කිරීම අපගේ දැක්මයි

මෙහෙවර

academic-2769_1280

යහපත් ආකල්ප, මනා දැනුම හා බහුවිධ කුසලතා වලින් පිරිපුන් මිනිසුන් බිහි කිරීමට සුදුසු ආරක්ෂිත අලංකාර ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගොඩනැගීම අපගේ මෙහෙවරයි.

පාසලේ ඉතිහාසය



 
වර්ෂ 1955  මාර්තු මස 05 වැනි දින ආරම්භ වූ පාසලේ මුල් විදුහල්පති වූයේ නාගසේන මහතාය. 

පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස සමරදාස නාගසිංහ සිසුවා පාසලට බදවාගෙන ඇති අතර ආරම්භක සිසුන් ගණන නව දෙනෙකි. එච්.ඒ.ඩී. අප්පුහාමි මහතාගේ භූමි පරිත්‍යාගයෙන් පාසල ආරම්භ කර ඇති අතර ආරම්භ කිරිමට මූලිකත්වය ගෙන ඇත්තේ වලස්වැවේ සෝමදාස හිමියන් සහ ද්‍රවිඩ ජාතික සිවනාදන් රාමලිංගම් මහතා ය.

ආරම්භ කළ දිනය

1955 මාර්තු 05

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

09

මුල් විදුහල්පතිතුමාගේ නම

නාගසේන මහතා

පාසල් භූමිය පරිත්‍යාගය

එච්.ඒ.ඩී. අප්පුහාමි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අ/පෙරිමියන්කුලම විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

අනුරාධපුරය පෙරිමියන්කුලම ගම්මානයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

සමරදාස නාගසිංහ

සමස්ත ලංකා සංගීත තරග 2024

 


සමස්ත ලංකා සංගීත තරග 2024

  • 2024 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ඒකල ( විශේෂ ) - ස්වර ලිපි බලා වැයීම තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ දෙවන ස්ථානයත් දිව්‍යා නෙත්සරණි සංජලී ශිෂ්‍යාව විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය
  • 2024 වසරේ සමස්ත ලංකා සංගීත තරගාවලියේ ගායන ( ජ්‍යේෂ්ඨ ) පිරිමි /රාගධාරි/කාෆි තරග ඉසව්වේ අනුරාධපුර කලාපයේ ප්‍රථම සථානයත් උතුරු මැද පළාතේ  ප්‍රථම ස්ථානයත් ආලෝක ප්‍රභාශිත ශිෂ්‍යයා විසින් ජයග්‍රහණය කිරීමට සමත් විය

සමස්ත ලංකා නර්තන තරග 2024




සමස්ත ලංකා නර්තන තරග 2024

  • 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම, සබරගමු සේරා වන්නම යන නර්තනාංග දෙක අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
  • 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ උඩරට සැව්ලා වන්නම උතුරු මැද පළාතේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
  • 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලය විසින් ඉදිරිපත් කළ සබරගමු සේරා වන්නම උතුරු මැද පළාතේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය
  • 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය අනුරාධපුර කලාපයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
  • 2024 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේදි අප විද්‍යාලයේ සමුද්‍රා ගෞතමි සිසුවිය විසින් ඉදිරිපත් කළ පහත රට නාග කන්‍යා නර්තනාංගය උතුරු මැද පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය
Copyright © Ashoka Maha Vidyalaya | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com